Monday, February 9, 2015

SKEYE නැනෝ ඩ්‍රෝන් යානා

හරි ඔන්න මේ කියන්න හදන්නේ නැනෝ ඩ්‍රෝන් එකක් ගැන .. ඇත්තම කියනවනම් මේක හරියට ටිකක් ලොකු මැස්සෙක් වගේ .. එකෙන් එන්නෙත් මස්සෙක්ගේ සද්දෙමයි . ඩ්‍රෝන් එකක් කියන්නේ මොකක්ද කියල හැමෝම දන්නවා ඇතිනේ .. නැනෝ කියන්නේ කුඩා කියන දේයි .. මේ කුඩා එහෙමත් නැත්නම් නැනෝ ඩ්‍රෝන් යානය විශාලත්වයෙන් අගල් 1.57 * 1.57 ප්‍රමාණයේ එකක් .. ඒ කියන්නේ මේක අතින් අත්පුඩියක් ගහල විනාස කරන්න පුළුවන් හරියට මැස්සෙක් මරනවා වගේ ..

මේ SKEYE නැනෝ ඩ්‍රෝන් එක තමයි දැනට තියෙන පොඩිම කොවඩ්කොප්ටර් එක .. ඒ කියන්නේ මේක ඔයාට යන  තැනක උනත් ෂර්ට් සාක්කුවේ දාගෙන අරන් යන්න පුළුවන් .. මේක ගොඩක් තාක්ෂණයෙන් ඉහල ඩ්‍රෝන් එකක් .. මේකට සාමාන්‍ය ඩ්‍රෝන්  වගේම රිවර්ස් ෆ්ලිප් , බැක්වර්ඩ් ෆ්ලිප්ස් , බෑන්ක් ටර්න්ස් වගේ ගොඩක් දේවල් කරන්නත් පුළුවන් ..





මේකේ බැටරිය එක පාරක් චාර්ක් කරාම ඩ්‍රෝන් එක මිනුත්තු අටක කාලයක් ක්‍රියාත්මක කරන්න පුළුවන් ..  මේක අඩි 164 ක සීමාවක් තුල තමයි ගුවක් ගත කරන්න පුළුවන් .. එතකොට මේකේ කොන්ට්‍රොලින් ලෙවල්ස් තුනක් තියෙනෙව .. තව අදුරු තැන් වලදී LED එකක් දැල්වී තිබෙන නිසා හොයාගන්න ලෙහෙසියි ..





මේකක් ඉතින් ගන්න ඕනිනං මේකේ ගාන වෙන්නේ ඇමෙරිකන් ඩොලර් 59ක් වගේ .. ඒ කියන්නේ ලංකාවේ මුදලින් ආසන්න වශයෙන් රුපියල් 8000 ක් විතර .. මේක වැඩකරන හැටි තියෙන පහල වීඩියෝ එකත් බලල පෝස්ට් එක සහ බ්ලොග් එක ගැන ඔයාගේ අදහසකුත් දාලම යන්න .. යාලුවන්ටත් දැනගන්න ෆේස්බුක් එකේ එහෙම ෂෙයාර් කරන්න ..


Sunday, February 8, 2015

අඩි 15 ඇත ඉදන් චාජ් කරන්න පුළුවන් Whattup.

තාක්ෂණයේ දියුණුවත් එක්කම වයර්ලස් චාජින් කියන සංකල්පය කොච්චර ඉස්සරහට ඇවිත්ද කියල ඔයාලට මේ පෝස්ට් එක කියෙව්වට පස්සේ හිතෙයි .. ඔව් මේ WhattUp කියන ගැජට් එකෙන් පුළුවන් අඩි 15 ක් ඇතින් තියෙන මොබයිල් ඩිවයිසස් චාර්ජ් කරන්න  මිට කලිනුත් වයර්ලස් චාජින් ක්‍රම තිබුනත් අඩි 15ක් තරම් අතින් ඉදන් චාර්ජ් කරන්න ඒවාට හැකියාවක් තියෙබ්බේ නැ .. ඒවායේ වයර්ලස් කියන දෙයින් අදහස් කලේ රැහැනක් සම්බන්ද නොවීම පමණයි .. නමුත් මේ අලුත් ගැජට් එක වචනේ පරිසමාප්තියෙන්ම වයර්ලස් ..

මෙම උපකරණය හදල තියෙන්නේ Energous  සමාගම .. එයාල කියන විදියට මේ උපකරණය මගින් අඩි 15 ක සීමාව තුල තියෙන චලනය වෙමින් පවතින උපකරණයක් වුනත් එය වයර්ලස් ක්‍රමයට චාර්ජ් කරන්න පුළුවන් කියලයි .. ඒ සදහා  යොදාගෙන තිබෙන්නේ  RF සිග්නල්ස් කියන ක්‍රමයෙන් .. මේක වැඩකරන්නේ මෙහෙමයි .. Wattup චාජින් unit එකේ පවර් රවුටර් කියල Transmitter (සම්ප්‍රේෂකයක්) තියෙනෙව .. එකෙන් කරන්නේ විද්‍යුත් බලය RF සිග්නල්ස් කරලා ට්‍රාංස්මිට් කරන එකයි .. එතකොට චාර්ජ් කරන්න ඕනි දුරකතනයට හෝ ටැබ්ලට් එකට හෝ සවිකරලා තියෙන රිසීවර් එකකින් මේ සිග්නල් එක අරගෙන එක නැවතත් විද්‍යුත් බලයට පරිවර්තනය කරලා බැටරිය චාර්ජ් කරනවා ..  මේ විදියට මේ ගැජට් එකට එක පාර ඩිවයිසස් 12 ක්  චාර්ජ් කරන්න පුළුවන් ..  අනික හොදම  දේ තමයි මේ ගැජට් එක ඕනිම බැටරි වර්ගේකෙට සහය දැක්වීමයි ..  හැබැයි අවුල තමයි මේකෙන් චාර්ජ් කරන්න පුළුවන් වොට් 10 වඩා අඩු ප්‍රමාණයක් නැවත ආරෝපණය සදහා ඉල්ලන බැටරි විතරක් චාර්ජ් කරන්න පුළුවන් එක .. ඒ කොහොම උනත් Energous සමාගම කියන විදියට මේක අපිට වෙලදපොලේ ගන්නනම් 2016 වෙනකන් බලන් ඉන්න වෙනවා ..

පහල තියෙන වීඩියෝ එකත් බලලම යන්න .. ෂෙයාර් කරන්න අමතක කරන්නත් එපා .. ආයිත් මේ වගේ අලුත් දෙයක් ගැන අලුත් පෝස්ට් එකකින් හම්බ වෙමු ..