Monday, February 9, 2015
SKEYE නැනෝ ඩ්‍රෝන් යානා
හරි ඔන්න මේ කියන්න හදන්නේ නැනෝ ඩ්‍රෝන් එකක් ගැන .. ඇත්තම කියනවනම් මේක හරියට ටිකක් ලොකු මැස්සෙක් වගේ .. එකෙන් එන්නෙත් මස්සෙක්ගේ සද්දෙමයි . ඩ්‍රෝන් එකක් කියන්නේ මොකක්ද කියල හැමෝම දන්නවා ඇතිනේ .. නැනෝ කියන්නේ කුඩා කියන දේයි .. මේ කුඩා එහෙමත් නැත්නම් නැනෝ ඩ්‍රෝන් යානය විශාලත්වයෙන් අගල් 1.57 * 1.57 ප්‍රමාණයේ එකක් .. ඒ කියන්නේ මේක අතින් අත්පුඩියක් ගහල විනාස කරන්න පුළුවන් හරියට මැස්සෙක් මරනවා වගේ ..
මේ SKEYE නැනෝ ඩ්‍රෝන් එක තමයි දැනට තියෙන පොඩිම කොවඩ්කොප්ටර් එක .. ඒ කියන්නේ මේක ඔයාට යන තැනක උනත් ෂර්ට් සාක්කුවේ දාගෙන අරන් යන්න පුළුවන් .. මේක ගොඩක් තාක්ෂණයෙන් ඉහල ඩ්‍රෝන් එකක් .. මේකට සාමාන්‍ය ඩ්‍රෝන් වගේම රිවර්ස් ෆ්ලිප් , බැක්වර්ඩ් ෆ්ලිප්ස් , බෑන්ක් ටර්න්ස් වගේ ගොඩක් දේවල් කරන්නත් පුළුවන් ..
මේකේ බැටරිය එක පාරක් චාර්ක් කරාම ඩ්‍රෝන් එක මිනුත්තු අටක කාලයක් ක්‍රියාත්මක කරන්න පුළුවන් .. මේක අඩි 164 ක සීමාවක් තුල තමයි ගුවක් ගත කරන්න පුළුවන් .. එතකොට මේකේ කොන්ට්‍රොලින් ලෙවල්ස් තුනක් තියෙනෙව .. තව අදුරු තැන් වලදී LED එකක් දැල්වී තිබෙන නිසා හොයාගන්න ලෙහෙසියි ..
මේකක් ඉතින් ගන්න ඕනිනං මේකේ ගාන වෙන්නේ ඇමෙරිකන් ඩොලර් 59ක් වගේ .. ඒ කියන්නේ ලංකාවේ මුදලින් ආසන්න වශයෙන් රුපියල් 8000 ක් විතර .. මේක වැඩකරන හැටි තියෙන පහල වීඩියෝ එකත් බලල පෝස්ට් එක සහ බ්ලොග් එක ගැන ඔයාගේ අදහසකුත් දාලම යන්න .. යාලුවන්ටත් දැනගන්න ෆේස්බුක් එකේ එහෙම ෂෙයාර් කරන්න ..





0 comments:
Post a Comment