Sunday, February 8, 2015
අඩි 15 ඇත ඉදන් චාජ් කරන්න පුළුවන් Whattup.
තාක්ෂණයේ දියුණුවත් එක්කම වයර්ලස් චාජින් කියන සංකල්පය කොච්චර ඉස්සරහට ඇවිත්ද කියල ඔයාලට මේ පෝස්ට් එක කියෙව්වට පස්සේ හිතෙයි .. ඔව් මේ WhattUp කියන ගැජට් එකෙන් පුළුවන් අඩි 15 ක් ඇතින් තියෙන මොබයිල් ඩිවයිසස් චාර්ජ් කරන්න මිට කලිනුත් වයර්ලස් චාජින් ක්‍රම තිබුනත් අඩි 15ක් තරම් අතින් ඉදන් චාර්ජ් කරන්න ඒවාට හැකියාවක් තියෙබ්බේ නැ .. ඒවායේ වයර්ලස් කියන දෙයින් අදහස් කලේ රැහැනක් සම්බන්ද නොවීම පමණයි .. නමුත් මේ අලුත් ගැජට් එක වචනේ පරිසමාප්තියෙන්ම වයර්ලස් ..
මෙම උපකරණය හදල තියෙන්නේ Energous සමාගම .. එයාල කියන විදියට මේ උපකරණය මගින් අඩි 15 ක සීමාව තුල තියෙන චලනය වෙමින් පවතින උපකරණයක් වුනත් එය වයර්ලස් ක්‍රමයට චාර්ජ් කරන්න පුළුවන් කියලයි .. ඒ සදහා යොදාගෙන තිබෙන්නේ RF සිග්නල්ස් කියන ක්‍රමයෙන් .. මේක වැඩකරන්නේ මෙහෙමයි .. Wattup චාජින් unit එකේ පවර් රවුටර් කියල Transmitter (සම්ප්‍රේෂකයක්) තියෙනෙව .. එකෙන් කරන්නේ විද්‍යුත් බලය RF සිග්නල්ස් කරලා ට්‍රාංස්මිට් කරන එකයි .. එතකොට චාර්ජ් කරන්න ඕනි දුරකතනයට හෝ ටැබ්ලට් එකට හෝ සවිකරලා තියෙන රිසීවර් එකකින් මේ සිග්නල් එක අරගෙන එක නැවතත් විද්‍යුත් බලයට පරිවර්තනය කරලා බැටරිය චාර්ජ් කරනවා .. මේ විදියට මේ ගැජට් එකට එක පාර ඩිවයිසස් 12 ක් චාර්ජ් කරන්න පුළුවන් .. අනික හොදම දේ තමයි මේ ගැජට් එක ඕනිම බැටරි වර්ගේකෙට සහය දැක්වීමයි .. හැබැයි අවුල තමයි මේකෙන් චාර්ජ් කරන්න පුළුවන් වොට් 10 වඩා අඩු ප්‍රමාණයක් නැවත ආරෝපණය සදහා ඉල්ලන බැටරි විතරක් චාර්ජ් කරන්න පුළුවන් එක .. ඒ කොහොම උනත් Energous සමාගම කියන විදියට මේක අපිට වෙලදපොලේ ගන්නනම් 2016 වෙනකන් බලන් ඉන්න වෙනවා ..
පහල තියෙන වීඩියෝ එකත් බලලම යන්න .. ෂෙයාර් කරන්න අමතක කරන්නත් එපා .. ආයිත් මේ වගේ අලුත් දෙයක් ගැන අලුත් පෝස්ට් එකකින් හම්බ වෙමු ..



පට්ට!
ReplyDelete